Saturday, February 1, 2014
පහුගිය කාලේ බොහොම ලොකු කතාවක් ගියා කුඩු කන්ටේනරයක් ගැන
.හෙල උරුමය චෝදනා කලා අගමැතිට.අගමැති චෝදනා කලා හෙල උරුමෙට .අන්තිමට වෙනදා වගේම
ලොකු සද්දයක් දාපු හෙල උරුමය කටයි අනිත් එකයි වහගෙන නිශ්ශබ්දව ඉන්නවා.දැන් සමහර
හාමුදුරුවරු කියනවා අගමැති වැඩ පිළිවෙල හොදයි,
කුඩු ගෙන්නපු එකට වගකිව යුත්තා ප්‍රභාකරන් කියලා.
මීට කලිනුත් හෙල උරුමය මේවගේම ලොකු සද්දයක් දැම්මා කටුගේ
හොරකම ගැන.මේ කටුගේ හොරකම ඇතුලු පහුගිය කාලේ සිදුවුණු දැවැන්ත අපරාධ සියල්ල වුනේ
රනිල්ගේ ආණ්ඩුවෙන් නෙමෙයි.සොමවංස ගේ ආණ්ඩුවෙන් නෙමෙයි.සම්බන්ධන්ගේ ආණ්ඩුවෙන්
නෙමෙයි,ඇමරිකානු ඉන්දීයානු ආණ්ඩුවෙන් නෙමෙයි.උමලාම හොදයි කියලා චිනතනය මේකයි කියලා
පත්කර ගත්තු දේශප්‍රේමී ආණ්ඩුවෙන්.
ඊනියා දේශප්‍රේමී සලුපිලි වලින් ආවරණය කරගෙන මේ තරම්
අපරාධ සිදුවුණු කාලයක් නෑ.වැඩේ කියන්නේ රනිල්ලාට අයිතිය තියෙනවා කැසිනෝ ගේන්න.මොකද
ඒ අය යලි පුබුදමු ලංකා මිසක් ධර්ම රාජ්‍යයකට රට ගෙනයනවා කියන්නේ නෑ.දැන් මුන් ආවේ
ධර්ම රාජ්‍යය හදන්න නේ.ඒ කාලේ ටී වී එකේ මිනිහෙකුට නිදහසේ චිත්‍රපටයක් බලන්න
දුන්නෑ.කොටු දානවා.දැන් ධර්ම රාජ්‍යය උදාවෙලා වැඩිම මත්පැන් භාවිතයක් තිබෙන කාලයක් වෙලා.
ගූගල් වල සෙක්ස් සොයලා අංක එක වෙලා පහුගිය අවරුදු තුනට
ලමා අපචාර 18000වැඩිය සිදුවෙලා.ධර්ම රාජ්‍යය ගොඩනගපු ආකාරය අපූරුයි.ආඩම්බරයි
හසන්න. ආඩම්බරයි හෙල උරුමය.
home

Home