News Update :
Home » » හෙල උරුමයට සංදේශයක්

හෙල උරුමයට සංදේශයක්

Penulis : Unknown on Saturday, February 1, 2014 | 8:03 PM



පහුගිය කාලේ බොහොම ලොකු කතාවක් ගියා කුඩු කන්ටේනරයක් ගැන .හෙල උරුමය චෝදනා කලා අගමැතිට.අගමැති චෝදනා කලා හෙල උරුමෙට .අන්තිමට වෙනදා වගේම ලොකු සද්දයක් දාපු හෙල උරුමය කටයි අනිත් එකයි වහගෙන නිශ්ශබ්දව ඉන්නවා.දැන් සමහර හාමුදුරුවරු කියනවා අගමැති  වැඩ පිළිවෙල හොදයි, කුඩු ගෙන්නපු එකට වගකිව යුත්තා ප්‍රභාකරන් කියලා.

මීට කලිනුත් හෙල උරුමය මේවගේම ලොකු සද්දයක් දැම්මා කටුගේ හොරකම ගැන.මේ කටුගේ හොරකම ඇතුලු පහුගිය කාලේ සිදුවුණු දැවැන්ත අපරාධ සියල්ල වුනේ රනිල්ගේ ආණ්ඩුවෙන් නෙමෙයි.සොමවංස ගේ ආණ්ඩුවෙන් නෙමෙයි.සම්බන්ධන්ගේ ආණ්ඩුවෙන් නෙමෙයි,ඇමරිකානු ඉන්දීයානු ආණ්ඩුවෙන් නෙමෙයි.උමලාම හොදයි කියලා චිනතනය මේකයි කියලා පත්කර ගත්තු දේශප්‍රේමී ආණ්ඩුවෙන්.

ඊනියා දේශප්‍රේමී සලුපිලි වලින් ආවරණය කරගෙන මේ තරම් අපරාධ සිදුවුණු කාලයක් නෑ.වැඩේ කියන්නේ රනිල්ලාට අයිතිය තියෙනවා කැසිනෝ ගේන්න.මොකද ඒ අය යලි පුබුදමු ලංකා මිසක් ධර්ම රාජ්‍යයකට රට ගෙනයනවා කියන්නේ නෑ.දැන් මුන් ආවේ ධර්ම රාජ්‍යය හදන්න නේ.ඒ කාලේ ටී වී එකේ මිනිහෙකුට නිදහසේ චිත්‍රපටයක් බලන්න දුන්නෑ.කොටු දානවා.දැන් ධර්ම රාජ්‍යය උදාවෙලා වැඩිම  මත්පැන් භාවිතයක් තිබෙන කාලයක් වෙලා.

ගූගල් වල සෙක්ස් සොයලා අංක එක වෙලා පහුගිය අවරුදු තුනට ලමා අපචාර 18000වැඩිය සිදුවෙලා.ධර්ම රාජ්‍යය ගොඩනගපු ආකාරය අපූරුයි.ආඩම්බරයි හසන්න. ආඩම්බරයි හෙල උරුමය.
 මට හෙල උරුමයෙන්  අහන්න තියෙන්නේ උඹලා එකතු වෙලා පත් කරගත්ත ආණ්ඩුව මේ ජරා දේශපාලන ක්‍රමයෙන් ,අබමල් රේණුවක තරම් රට යහපත් මගට ගන්න කලේ මොකක්ද කියලා.අඩු තරමේ අනාගතයේ පත්වන ආන්ඩුවකට හෝ  යහපත් මගක යා හැකි දේශපාලන ක්‍රමයක් හදන්න උඹලා මොනවාද කලේ?










Share this article :

+ comments + 2 comments

Anonymous
February 1, 2014 at 8:26 PM

.

February 3, 2014 at 3:10 AM

//මට හෙල උරුමයෙන් අහන්න තියෙන්නේ උඹලා එකතු වෙලා පත් කරගත්ත ආණ්ඩුව මේ ජරා දේශපාලන ක්‍රමයෙන් ,අබමල් රේණුවක තරම් රට යහපත් මගට ගන්න කලේ මොකක්ද කියලා.අඩු තරමේ අනාගතයේ පත්වන ආන්ඩුවකට හෝ යහපත් මගක යා හැකි දේශපාලන ක්‍රමයක් හදන්න උඹලා මොනවාද කලේ?// මටත් අහන්න දේවල් ටිකක් තියෙනවා.
1) මන්ත්‍රීවරු 225ක් ඉන්න පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු දෙදෙනෙකුගේ නියෝජනයක් පමණක් තියෙන හෙළ උරුමයට කරන්න පුළුවන් දේවල් ප්‍රමාණය බොහොම සීමිතයි කියන එක නොදැනෙන්නේ උඹ බබා නිසා ද?
2) 2\3 ක බලයක් තියෙන ආණ්ඩුවක සුළු පක්ෂයක නියෝජිතයන් දෙදෙනෙකුට කරන්න පුළුවන් දේත් එමමයි කියන එක නොතේරෙන්නේ උඹ බබා ද?
3) ඔය කියන (සහ මමත් එකඟ වෙන ) වංචා, දුෂණ, භීෂණ, නැවත්වීමට වැඩිම බලපෑමක් කරන්න හැකියාව තියෙන්නේ ආණ්ඩුවේ ප්‍රධාන පක්ෂය වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නියෝජිතයින්ට කියන එක නොතේරෙන්නේ උඹ බබා ද?
4) උඹ මේ ලිපිය ලියන්න ඕන ඒ වැඩිම බලපෑමක් කරන්න හැකියාව තියෙන කට්ටියට කියන එක නොතේරෙන්නේ උඹ බබා ද?
5) ඔය කියන වංචා, දුෂණ, භීෂණ, නැවත්වීමට දෙවනියට වැඩිම බලපෑමක් කරන්න හැකියාව තියෙන්නේ විපක්ෂයේ ප්‍රධාන පක්ෂය වන එක්සත් ජාතික පක්ෂයටයි කියන එක නොතේරෙන්නේ උඹ බබා ද?
6) මේ ලිපිය ආණ්ඩුවට ලියන්නේ නැත්නම් ඊළඟට වඩාත්ම මේකට අදාළ වෙන එක්සත් ජාතික පක්ෂයටයි මේ ලිපිය ලියන්න ඕන කියන එක නොතේරෙන්නේ උඹ බබා ද?
7) ඔය විදිහට ගියහම වත්මන් පාර්ලිමේන්තුවේ සංයුතියට අනුව ආණ්ඩුවේ ක්‍රියාවන් ගැන හෙළ උරුමයට වඩා වැඩි බලපෑමක් කිරීමට දෙමල ජාතික සන්ධානය, ලංකා කම්කරු කොන්ග්‍රසය, ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසයට විතරක් නෙවෙයි ජනතා විමුක්ති පෙරමුණටත් හැකියාවක් තියෙන බව නොතේරෙන්නේ උඹ බබා ද?
8) ඒ විදිහට මර නින්දක ඉන්න ඉහත පක්ෂ වල අයට මෙහෙම ලියුම් නොයැවෙන්න හේතුව උඹ බබා ද?
9) අවසාන වශයෙන් බ්ලොග් එකක පලවෙන පලියට ඒක අවිචාරයෙන්, අන්ධානුකරණයෙන් බාරගන්න අපි කොන්ඩේ බැඳපු චීන්නු ද?

Post a Comment

 
Company Info | Contact Us | Privacy policy | Term of use | Widget | Advertise with Us | Site map
Copyright © 2011. MILTI BARREL . All Rights Reserved.
Design Template by panjz-online | Support by creating website | Powered by Blogger